රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙත් අඩුවක්


අද පැවති උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සමග ආවර්ථිතා වගුව ලබා නොදීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වූ බවත්, පෙර වසරවලදී ආවර්ථිතා වගුව සිසුනට ලබා දුන් නමුත් මෙවර එය ලබා නොදෙන බව කලින්  දැනුවත් නොකළ බවත් සිසුහු කියති. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ තරඟයක් පැවැත්වීමට කලින් එහි කෝන්දේසි පිළිබඳ තරඟකරුවන් දැනුවත් කළ යුතු බවයි. මෙවර රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සමග ආවර්ථිතා වගුව ලබා නොදෙන බවට සිසුන් දැනුවත් කර තිබුනා නම් ඒ සඳහා මුහුණදීමට සූදානමින් සිසුන්ට යාමට හැකියාව තිබූ බව ද හෙතෙම පවසයි. විභාග කොමසාරිස් ජෙනරාල් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියනුයේ ප්‍රශ්නපත්‍ර සකස්කළ මණ්ඩලය විසින් මෙවර ආවර්ථිතා වගුව ලබා නොදෙන ලෙද නිර්දේශ කර තිබූ නිසා එය ලබා නොදුන් බවයි.