තොග බඩු මුදලාලිලා ලෙස රඟපාමින් කලක් තිස්සේ අවිස්සාවේල්ල,මහරගම,වැල්ලම්පිටිය,නවගමුව ,මිරිහාන හා තලංගම ආදී පෙදෙස් වල තොග කඩ කඩා හාල්,පිටි,සීනී ,චීස් ආදීය හැටන් හා ගම්පොළ කඩ වලට ඉතා ලාබෙට විකිණු දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.මින් එක් අයකු කුලියට කාර් දෙන ආයතනයක රියදුරකු බවද සොයාගෙන ඇත.
පසුගිය අවුරුදු දිනවල මොවුන් තොග කඩ 14 ක් කඩා ඇතැයි ද සුඛෝපභෝගී කාරයකින් පැමිණ සියලු සොරකම් කැර ඇතැයි ද පොලීසිය කියයි.

