(බුද්ධික කුමාරසිරි)
රවී කරුණානයක මහතා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයට තර්ජනයක් වන අයුරින් තරුණ කොටස් එකතු කර ගැනීමේ සූක්ෂම වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම දී පැවසීය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක් වූ ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
‘‘රවී කරුණනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ තරුණ කොටස් එකතු කරගෙන තමන් සතු වත්කම් සහ දක්ෂතා උපයෝගී කර ඉතා පැහැදිලි ලෙස අභියෝගාත්මක වැඩපිළිවෙළක් කරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂයට අලුත් තරුණයින් එක් වී නායකත්වයට බලපෑමක් ඇති කිරීමට කටයුතු කිරීම ඉතා හොඳ දෙයක්‘‘

