( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ )
තමන් අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ ඒකසත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයින් හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ අද(11) පෙරවරු 11.00ට සලකා බැලීම ආරම්භ විණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ විනිසුරු සෝභිත රාජාකරුණා මහතා හමුවේ කැදවේ.

