රවිනාථ යුරෝපා හවුලේ සභාපති හමුවේ


ශ්‍රී ලංකා යුරෝපා සබඳතා හා සංවර්ධන තවත් තර කිරීමේ අරමුණින් යුරෝපා හවුලේ ශ්‍රී ලංකා තනාපති රවිනාථ ආරියසිංහ බ්‍රසල්හි දී යුරෝපා හවුලේ සභාපති හර්මන් වෑන් රොම්පි මුණ ගැසුනේය. උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසුව ඇති වූ ප්‍රගතිය ගැන ද ශ්‍රී ලංකා තානාපති යුරෝපා හවුලේ සභාපතිට කරුණු දැක්වීය.  කොටි සංවිධානයේ  ශේෂ ගත එතෙර කොටස් ශ්‍රී ලංකාවට හානිදායක දේ කළ හැකි බව ද ඔහු කීවේය.