රවිනාථ ජිනීවා නුවරට -තමාරා කියුබාවට


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති ලෙස යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පත්කර ඇත. ඔහු ජූලි පළමුවැනිදා වැඩ බාරගැනීමට නියමිතය. ලන්ඩනයේ නියෝජ්‍ය මහා කොමසාරිස් පදවියේ  විශ‍්‍රාම ගිය පී.එම්. අම්සා මහතා යුරෝපා කොමිසමේ තානාපතිවරයා ලෙස පත් කැරෙයි. ජිනීවා නුවර සිටි තමාරා කුනනායගම් මහත්මිය කියුබා තානාපති ලෙස මාරු කර ඇත. එම පදවිය බාර නොගන්නා බව ඇය මීට පෙර කියා ඇත.