රවිගේ නඩුවට තව ලියැවිලි ඉල්ලයි
රට සල්ලි පාලන නීති රීතිවලට එරෙහිව එතෙර සමාගමකට ලැබුණු ඇමෙරිකා ඩොලර් දස ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 130 ක් කිරුලපන ස්ටෑන්ඩඞ් චාර්ටඞ් බැංකුවේ තැන්පත් කළැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා හා තවත් අයකුට එරෙහිව පවරා ඇති නඩුවට සම්බන්ධ සියලූ ලියැවිලි සමග බැංකු නිලධරයකු එවන්නැයි කොළඹ මහාධිකරණය ශ්‍රී ලංකා මහා බැංකුවට නියෝග කළේය. ලින්කන් පියදාස අනෙක් සැකකරුය. යුනියන් බැංකුවේ කොටස් මිලට ගැනීම සඳහා ඇමෙරිකාවේ ගැලියන් ආයෝජන සමාගමේ රාජ් රාජරත්නම් ඔහුට තවත් ඇමෙරිකා ඩොලර් විසි ලක්ෂයක් (රුපියල් කෝටි 230) ක් කරුණානායකට එවා ඇතැයිද පැමිණිල්ලේ දැක්වේ.

