රයන් ජයලත්ගේ ඇප විරෝධතා ඉල්ලයි


(මනෝප්‍රිය ගුණසේකර)

සයිටම් විරෝධී පාගමනක්  අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී  එහි දේපල වලට හානි කළැයි සැකපිට රිමානඩ් බාරයේ සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් ලබන 2 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා අද (25) නියෝග කළේය.

එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති හා නිතිපතිවරයාට ද විනිසුරුවරයා විසින් සිතාසි නිකුත් කරන ලදි.