රඹුටන් වාරය පැමිණ ඇත.
රඹුටන් කොහෙද මල්වානෙ එතැනය. මල්වානෙ කොතැනද රඹුටන් එතැනය.
“මල්වානේ රඹුටන්” කියා නාම පුවරු ද හැමතැන ඇත.
කොළඹ කොටුවේ ද , කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ දෙපස ද රඹුටන් වෙළදුන් සුළභ දර්ශනයකි. වෙළෙන්දියෝ ද බහුලය.
රඹුටන් මලු අතින් ගත් අය ද දකින්නට ලැබේ. කාර්, වෑන් , පැජරෝ වල යන ඇත්තෝ ද කඩිමුඩියේ රඹුටන් මිලදී ගනිති.
සමහරුන් රඹුටන් කමින්ම ගමන් කරති.
කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා රඹුටන් වලට දක්වන කැමැත්ත හොදින් දැක ගත හැකිය.
අලුත් රඹුටන් ගෙඩි 12ක් රුපියල් 100කි. පෙර දින විකුණා ඉතිරි වූ රඹුටන් 15ක් රුපියල් 100කි.
“අපි දිනකට රු. 1000ත් 3000ත් අතර ලාභයක් ලබනවා. අපිට පදික වේදිකාවේ වෙළදාම් කරන්න දෙනවානම් තව ලොකු ලාභයක් උපයන්න පුළුවන්.” එසේ පැවසුවේ ආනන්ද කුමාර මහතාය.
රඹුටන් ලෙලි ද තැන තැන දකින්නට ලැබේ.
“වැඩියෙන් කෑවොත් උගුරේ ආසාදන , කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග වැළදිය හැකිය.” රඹුටන් ලෙලි කටින් කැඩීම නුසුදුසු බව ද වෛද්‍යවරු පවසති.