රනුත් සාධරණයි සල්ලිත් සාධාරණයි


ඉතාලියේ පාදෝවා නගරයේ වසර 11 ක් තිස්සේ පදිංචි වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාදෝවා නුවර සභාපති සුනිල් හේමසිරි මහතා මිතුරන් සමග ගඟක නෑමට ගියේය. නන්දන මොහොට්ටාල මහතා ද ඔහු සමග ගියේය. සුනිල්ගේ අත වූ පවුම් පහමාරක (රුපියල් ලක්‍ෂ තුනක පමණ) රන් අත් පළඳනාව ගෙඟ් වැටිණි. එය සොයාගන්නට සුනිල් ගත් උත්සාහය අසාර්ථකවිය. එහෙත් නන්දන සිය උත්සාහය අත නොහළේය.  සෑහෙන වේලාවකින් පසුව ඔහු එම පළඳනාව සොයාගත්තේය. මිතුරාට දුන්නේය. සුනිල් පසුදා පාදෝවා නුවර චීන කඩයකට ගියේය. බඩු වගයක් ගත්තේය. බිල ගෙවුවේය. ගෙදර ආවේය. මුදල් පසුම්බිය සාක්කුවේ නැත. පසුදා ඔහු චීන අවන්හලට ගියේය. එහි හිමිකාරිය මුදල් පසුම්බිය ඔහුට දුන්නේය. ඔහුගේ පෞද්ගලික ලියැවිලිවලට අමතරව එහි යුරෝ 11000 (රුපියල් 179300) ද එලෙසම තිබිණි.