වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකයාව සිටිය දී 2013 ජුනි මස 11 වැනි දින බලපිටියේ දී කිසියම් පිරිසකගේ ගල්මුල් ප්‍රහාරයට ලක්වීම සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂණයක් සිදුකැර නැතැයි පවසමින් බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් අසේල ද සොයිසා අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කළේය. මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ පෙබරවාරි 05දා සිද්ධිය සම්බන්ධ වාර්තාවක් ලබා දෙන්නැයි අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දුන් බවයි. ඉන්පසු ඒ සම්බන්ධ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම කීවේය.

