රනිල්ට කොළඹින් වාරණයක් නෑ


එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කර පක්‍ෂ නායක ධූරය වසර හයක් දක්වා දීර්ඝ කිරීම බලාත්මක කිරීම වළකාලන වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු ධම්මික ගනේපළ මහතා අද (08) ප‍්‍රතික්ෂේප කෙළේය. බස්නාහිර පළාත් එ.ජා.ප. මන්ත‍්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමෙන් ඉල්ලා සිටියේ වාරණයක් නිකුත් කරන ලෙසයි. පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, මහලේකම් තිස්ස අත්තනායක ඇතුළු පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 86 දෙනකු මෙහි වගඋත්තරකරුවෝ ලෙස නම්කරනු ලැබ සිටිති. දිසා විනිසුරු වගඋත්තරකරුවන්ට එරෙහිව අතුරුතහනම් දැන්වීම් නිකුත් කළේය. පැමිණිල්ල ලබන 28 වැනිදා යළි කැඳවේ.