රනිල්ට එරෙහි වාරණය විසි කරයි


එක්සත් ජාතික පක්ෂයේ සෙනසුරාදාට නියමිත ජාතික මහා සම්මේලනය පැවැත්වීම වළක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක විතාන ගොඩවත්තගේ කරුණාතිලක මහතා පෙත්සම් දෙකකින් කළ ඉල්ලීම ගල්කිස්ස අතිරේක දිසා විනිසුරු ප‍්‍රදීප් අබේරත්න මහතා අද ප‍්‍රතික්ෂේප කළේය. පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස නම්කර සිටින එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් 85 දෙනාට පිළිතුරු සහ විරෝධතා ගොනු කිරීම සඳහා ජනවාරි 23දා පෙත්සම යළි කැඳවීමටද විනිසුරු නියෝග කළේය.