රනිල්ට එරෙහි පෙත්සම අස්කර ගනී
එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයට එරෙහිව දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා විසින් ගොනු කැරුණු පෙත්සම ගල්කිස්ස දිසා අධිකරණය අද ඉවත දැමීය. ගුණරත්න මහතා එම පෙත්සම ඉල්ලා අස්කැර ගැනීම ඊට හේතුවයි.
පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව වික‍්‍රමසිංහ මහතා සිය නිලකාලය වසර හයකින් දික්කැර ගත්තැයි ගුණරත්න මහතා මේ පෙත්සම පැවැරීය.
වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහොමඞ් ඉක‍්‍රම් මහතා කියා සිටියේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සම්මත කැරගත් යෝජනා මහා සම්මේලනයට ඉදිරිපත් කිරීමෙන් පසු සම්මත වන බවයි.

