රනිල්ගෙන් පත්වීම් ගනිති


සබරගමුව හා උතුරු මැද පළාත් සභාවල විපක්ෂනායක ධුරය සඳහා තේරී පත්වූ පිළිවෙළින් වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය සහ කිංස් නෙල්සන් මහතා අද විපක්ෂනායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලිපි සිරිකොත පක්ෂ ප‍්‍රධාන මූලස්ථානයේදී ලබාගත්හ. සබරගමුව එ.ජා.ප. කණ්ඩායම් ප‍්‍රධාන සංවිධායක ලෙස හසිත මුහන්දිරම් ද, උතුරුමැද එ.ජා.ප. කණ්ඩායම් සංවිධායක ලෙස චන්දිම ගමගේ මහත්වරු පත්වීම් ලැබූහ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන වෛද්‍ය ජයලත් ජයවර්ධන, රවි කරුණානායක, ජෝශප් මයිකල් පෙරේරා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ. මෙරට පළාත් සභා ඉතිහාසයේ විපක්ෂනායක ධුරය කාන්තවාකට හිමිවූ ප‍්‍රථම අවස්ථාව මෙය වේ.