විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අනුරාධපුර සාරානන්ද විහාරස්ථානයට ගොස් විහාරාධිපති ගිරාඹේ ආනන්ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නාහිමියන් බැහැ දුටුවේය.
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ආනන්ද හිමියන් සමග සාකච්ඡා කළ විපක්ෂ නායකට ඒ හිමියන් පැවසුවේ පක්ෂයේ බේද ඇති කර නොගෙන ජනතාව ඒකරාශී කරීමේ වැඩ පිළිවෙළකට යොමු වන ලෙසයි.
මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා පිළිබදවද අවධානය යොමු කළ යුතු බව ද අනුනාහිමියෝ විපක්ෂනායකට පැවසූහ.
පක්ෂ සංවිධාන කටයුතු කරගෙන යාම ප්‍රාදේශීය නායකයන්ට පැවරෙන බවත් රට දියුණු කිරීම සඳහා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා වැදගත් බවත් එහිලා මහා සංඝරත්නයේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් ඒ වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කරන ලෙසත් වික්‍රමසිංහ මහතා අනුනාහිමියන්ගෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, පී හැරිසන් මහත්වරු ද වික්‍රමසිංහ මහතා සමග පැමිණ සිටියහ.