එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොළඹ බලා ගමන් ගත් පාගමනින් මහජන කැළඹිලි වීමට ඉඩ ඇතැයි කියමින් නිකුත් කළ තහනම් නියෝගය බාර දෙන්නටත් කලින්ම පෙළපාළිකරුවන් 60ක් 70වක් පමණ මාතර කඹුරුගමුව වැව අසලදී දිවා ආහාරය ගැනීමෙන් පසු විසිර ගිය බව පොලිසිය කියයි.
මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාගෙන් ලබාගත් තහනම් නියෝගය රැගෙන මාතර පොලිසිය එහි යනවිටත් පෙළපාළියක් එහි නොතිබිණි. උදේ ආරම්භ වු පෙළපාළියට 500ක් පමණ සහභාගී වු අතර සිව් වරක්ම පහර කෑමට ලක්විය. මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් බව කියන 5 දෙනෙක් ඇතුළු අට දෙනෙක් තුවාල ලදහ.
හමුදා සෙබළෙක් ද නගර සභා සේවකයෙක් ද තුවාල ලදහ.

