රනිල් චීන චාරිකාවක


චීනයේ සතියක නිළ සංචාරයක යෙදෙන රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක, චීන කොමියුනිස්ට්  පක්ෂයේ ස්ථාවර කාරක සභා සාමාජික හා ජ්‍යෙෂ්ඨ නායක ෂූ යොන්  කැං සමග බෙජිං නුවරදී දෙරට සබඳතා ගැන අදහස් හුවමාරු කර ගත්තේය. දෙරට අතර පවත්නා මිත්‍රශීලි සහයෝගිතාව ගැන දෙදෙනාම සතුට පළ කළහ.