රනිල් 17ට පණ ඉල්ලයි


ජනතා පරමාධිපත්‍ය යළි තහවුරු කිරීමට නම් කල යුත්තේ කිසිදු වරමකින් තොරව අහෝසි කළ 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාත්මක කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේදී පැවසීය.

රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සඳහා වන  සංශෝධනයේ අරමුණ බවත්, දේශපාලනඥයන්ට නොව නීතියට පමණක් යටත් ස්වාධීන පොලිස් සහ රාජ්‍ය සේවයක් ඇති කරන්නේ නම් මේ සියලු ප්‍රශ්න නිමා වන බවත් කී වික්‍රමසිංහ මහතා මධ්‍යම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට හෝ පළාත් සභාවේ මහ ඇමැතිට පොලිසියත් රාජ්‍ය සේවයත් යටත් කිරීමට ඉඩ නොතැබිය යුතු යැයි ද අවධාරණය කළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෝට්ටේ බලමණ්ඩල රැස්වීමේදී වික්‍රමසිංහ මහතා මේ අදහස් දැක්වීය.