රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද


( ජයන්ත සමරකෝන්)
 රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන  පාර්ලිමේන්තු  මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මැගසින් බන්ධනාගාර නිලධාරීන්  අවවාද කර ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

 බන්ධනාගාරය තුළදී ඒ ආඥාපනතට  අනුව හැසිරීමටත්  නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී එහි  ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස  ඔහුට අවවාද කර ඇතැයි ද දැනගන්නට ඇත.

 මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීම සඳහා ඊයේ ( 18)   එහි ගිය පිරිසක් ඇද ඇතිරිලි දෙකක් එකට එක් කර සකස් කරන ලද මෙට්ටයක්  වැනි උපකරණයක් ලබා දීමට තැත් කළද එය නිලධාරීන් විසින් වළක්වා ඇතැයිද  කියති.

ඒ අනුව ඔවුහු ඒවා නැවත රැගෙන විත් තිබේ. මන්ත්‍රීවරයා මේ වන විට මැගසීන් බන්ධනාගාරයේ ‘ජී‘ වාට්ටුවේ රඳවා සිටි.
එළැඹෙන 29 වැනි දින ඔහු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.