(ඉන්දිකා රාමනායක)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් පොලිස් දෙපාර්තමේන්තුව සතුව නොමැති හෙයින් අධි ධාරිතාවකින් යුත් නවීන සන්නිවේදන උපකරණ පටිගත කිරීමේ උපකරණ සිංගප්පූරුවෙන් ඇනවුම් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම හඬපට පිටපත් කිරීම සඳහා දැනට මෙරට ඇති නවීනතම උපාංග වලින් සමන්විත ධාරිතාවයෙන් යුත් දෘඩ තැටි ඇතුලු උපාංග රජයේ රස පරීක්ෂණවරයා වෙත යොමුකර ඇති බවත් එම ප්‍රමාණය ප්‍රමාණවත් නොමැති හෙයින් අවශ්‍ය උපකරණ මෙලෙස සිංගප්පූරුවෙන් ආනයන කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙකු ලංකාදීපයට පැවසීය.
මෙම උපකරණ හෙට (20) හෝ අනිද්දා (21) යන දිනයන් වල ලැබීමට නියමිත බවත් ඒවා ලැබුණු පසු සියළු හඬපට පිටත් කිරීම ආරම්භ කරන බවද එම උසස් නිලධාරියා කියා සිටියේය.
රන්ජන් රාමනායක මහතා සතුව තිබී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ හඬපට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇති බව පොලිසිය කියයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත මෙම විශේෂ පොලිස් කණ්ඩායම් පත්කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
බස්නාහිර පළාත තුළ පොලිස් ස්ථාන වලින් හා විශේෂ ඒකක වලට අයත් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් මේ කණ්ඩායම් සඳහා පත්කර ඇති බවත් එක් කණ්ඩායමකට සහකාර පොලිස් අධිකාරීවරයකු , ස්ථානාධිපතිවරයෙකු ඇතළු සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බවද පොලිසිය කියයි.
මෙම හඬපට විශ්ලේෂණය කර රන්ජන් රාමනායක මහතා අධිකරණයට , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවවේ පරීක්ෂණවලට සිදුකර ඇති බලපෑම් සම්බන්ධයෙන් අපරාධ නඩු විවිධාන සංග්‍රයට අනුකූලව වෙන් වෙන් වශයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඔහුට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කරන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

