(නාලක සංජීව දහනායක)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන්ට දුරකතන ඇමතුම් දෙමින් කළ කතාබස් ඇතුළත් බවට පැවැසෙන ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවට අද (7) පැවැති ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී ඇත.
එම ඇතැම් දුරකතන ඇමතුම් නිසාවෙන් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව හා ගරුත්වය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතුවන බැවින් ඒ සම්බන්ධයෙන් ඉක්මනින්ම ක්‍රියාමාර්ගයක් ගතයුතු බව මැති ඇමතිවරුන් එහිදී අගමැතිවරයාට පෙන්වා දී තිබේ.
එමෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සහල් මිල අඩුකිරීම සම්බන්ධයෙන් කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට එහිදී අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබේ.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් ජනතාවට සහන ලැබෙන්නේදැයි යන්න පෞද්ගලිකවම සොයා බලන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) පෙරවරුවේදී අරලියගහ මන්දිරයේදී රැස්වූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබේ.

