(ටී.කේ.ජී.කපිල)
සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා අද (29) අලුයම පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .
කටාර් රාජ්‍යයේ දෝහා වෙත , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයෙන් ඔහු අද අලුයම 03.50ට පළමුවෙන්ම පිටත්ව ගොස් තිබේ .
එතැන් සිට ඔහු වෙනත් ගුවන් යානයකින් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය .
ඔහු ඇමෙරිකාවේ ප්‍රසංග 10 කට පමණ සහ කැනඩාවේ ප්‍රසංග 05 කට පමණ සහභාගී වීමට නියමිතය .
රන්ජන් රාමනායක මහතා පෙරේදා (27) රාත්‍රීයේ දී ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණිය ද , ඔහු වෙත අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනම නිසා එම ගමන ව්‍යයර්ථව ගොස් තිබුණි .

