රන් හලෝ දෙකක් අසුවේ


රුපියල් එකොලොස් ලක්ෂ පනස් පන් දහසක් වටිනා  රන් කැබලි දෙකක් ජංගම දුරකතන දෙකක් තුළ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු කදාන ප්‍රදේශයේ  පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු  ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 127 දරණ ගුවන්යානයෙන් චෙන්නායි බලා යාමට කටුනායකට පැමිණ ඇත.