රන් සොයා ගඟට බැස්සොත් වැඩ වරදී
රන්වල දෙවියන්ගේ අඩවියේ කැලණි ගඟේ රන් කෑලි මතුවී දින අටකට පසුව ගඟට බැස රන් සෙවීම පූගොඩ පොලිසි අද තහනම් කෙළේය. ඉහළින් ලැබුණු නියෝගයක් මත රන් සොයමින් සිටි දෙතුන් සියයක පිරිසක් පොලිසිය විසින් අද පෙරවරු 11.30 පමණ හරවා යවනු ලැබූහ. එම පිරිස ඉන්පසු පූගොඩ නගරයේ පැය බාගයක් විරෝධ දැක්වමින් කියා සිටියේ රන්වල දෙවියන් දුන් වස්තුව අහිමි කළ බවයි.

