රන් මිශ්‍ර පස් කන්ටේනර් 51ක් රට යවලා


 

(ශිරාන් රණසිංහ)

රන් කැබලි මිශ්‍ර පස් අපනයන කිරීමේ සිද්ධියට අදාලව රේගුවේ රඳවාගත් කන්ටේනර් 15ට අමතරව මීට පෙරාතුව කන්ටේනර් (බහලුම්) 51ක් පිටරට යවා ඇතැයි ඒ පිළිබඳ ජනාධිපති විමර්ශන ඒකකය සිදුකර ඇති පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

සමාගම් දෙකක් මෙම රන් කැබලි මිශ්‍ර පස්  ව්‍යාපාරයේ නිරතව සිට ඇති අතර භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශයේ හා ශ්‍රී ලංකා රේගුවේ ඇතැම් නිලධාරීන්ගේ වාර්තා හා ගෙන ඇති සැකකටයුතු පියවර පිළිබඳවද විමර්ශන වලදී හෙළි වී ඇත.

මෙලෙස රට පැටවීමට සුදානම් කොට තිබූ රන් කැබලි මිශ්‍ර කන්ටේනර් 4 ක රුපියල් 5,598,600 ක් වටිනා රත්තරන් තිබූ බවද ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරිය තක්සේරු කර ඇත.

මෙම පරස්පරතා පිළිබඳ වටහා කරුණු පැහැදිලි කරන ලෙස ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ රූබන් වික්‍රමාරච්චි මහතා ශ්‍රි ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත දැනුම්දී තිබේ.