රන් බඩු කොල්ලය වරදී


ඇත්කඳුරේ වදුගොඩ හුදකලා නිවසකට කඩා වැදුණු නාඳුනන දෙදෙනෙකු එක් කාන්තාවකට කඩුවෙන් කොටා තුවාල සිදු කැර ඇත. අද රාත්‍රී 8.30ට පමණ මැරයන් ගෙදරට එනු දුටු ගුරුවරියක වන අනික් කාන්තාව කෑගැසීම නිසා ඈතින් පිහිටි ගෙවල්වල අය පැමිණෙද්දී මැරයන් පැණ ගිය බව කියති. මේ දෙන්නා සහෝදරියෝ ය. ගෙදර සිටිනුයේ මේ දෙදෙනා පමණි. රන් බඩු කොල්ලකෑම මැරයන්ගේ අරමුණ විය හැකියැයි පොලීසිය සැක කරයි.