රන් කිලෝ 45ක් උතුරෙන් අල්ලයි


උතුරේ සිට ඉන්දියාවට රැගෙන යමින් සිටි බවට සැක කරන රන් කිලෝ ග්‍රෑම් 45ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

යාපනය මාදගල් ප්‍රදේශයට නාවික සැතපුම් 25ක් බටහිරින් ගමන් කරන සැක සහිත යාත්‍රාවක් නිරීක්ෂණය කළ නාවික හමුදාවේ රණධීර නෞකාව  අද  රාත්‍රී 7.30ට පමණ සැකකරුවන් සහ රන් අත්අඩංගුවට ගෙන ඇත.