රන් ආකර බලන්න අතීතයට ගිය ගමනක්


SAN_6151 SAN_6164       

 

බැලරාට් නගරය ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ පිහිටි සුන්දරම නගරයයි. සවරින්හිල් කෞතුකාගාර භූමිය තනා ඇත්තේ මෙම නගරයේය. ගිම්හානයේදී මෙන්ම සරත් සමයේදීද වසන්තයේ හැඩ පුරෝගෙන අලංකාර වූ මෙම නගරය වික්ටෝරියා ප‍්‍රාන්තයේ පහළ බටහිර තැන්නේ උප මහා කඳු වැටි නිම්නයට සහ යැරොවි ගංගාවට මැදිව පිහිටා තිබේ. මෙල්බර්න් ප‍්‍රධාන නගරයේ සිට මෙතැනට ඇති දුර කිලෝමීටර් 105 ක් පමණ වේ.

 


බැලරාටයේ ඇති ගොඩනැගිලි එතරම් උස නොවන අතර විවිධ වර්ණයන්ගෙන් සමන්විතය. නගරයේ වීදි නේක වර්ණ පුෂ්ප උයන්වලින් අලංකාර කොට තිබේ.


මෙය අතීතයේ රන් ආකර තිබු ප‍්‍රදේශයකි. එදා බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවැති සමයේදී ඔස්ටේ‍්‍රලියාවේ යටත් විජිතවාදී හමුදාව සහ රන්ආකර කම්කරුවන් අතර සටනක් ඇතිවිණි. ඒ 1854 දී පමණය. එය යුරේකා කැරැල්ල ලෙස හැඳින්විණි. එදා මේ රන් ආකර වල සේවය කර ඇත්තේ චීන සංක‍්‍රමනිකයින්ය. කෙසේ වෙතත් බැලරාට් යන නම එවකට මෙහි ජීවත් වූ ස්කොට්ලන්ත ජාතික ආච්බෝල්ඞ් යුලී විසින් තබනු ලැබුවකි. බැල්ලා (Balla) Arrat  (අරාට්) යනු ආදී වාසීන්ගේ නාමයක් වන අතර එහි තේරුම වන්නේ ගිමන් හැරි පෙදෙස යන්නය. එදා මේ රන් ආකර බලය තහවුරු කර ගැනීම උදෙසා පතල් කරුවන් සහ හමුදා අතර නිතර සටන් ඇතිවුණි.

SAN_6148

SAN_6264

SAN_6275


මෙම රන් ආකර භූමිය ලොව දෙවැනියට විශාලතම රන් කැටිය සොයාගත් තැන වේ. එය කිලෝ 69 ක බරකින් යුතු විය. 99% ක් රනින් යුතු ඒ කැටියේ මිල අද දවසේ වටිනාකමින් මිලියන 3 ක් පමණ වේ.


එදා මේ රන් ආකර භූමියේ තිබු දේ අද ද එදා ලෙසට ‘‘ජීවමාන’‘ කොට තිබේ.


හෙක්ටයාර 25 ක පමණ භූමියක ඉදිකර ඇති මෙම සවරින් හිල් ප‍්‍රදේශයේ එදා තිබූ කඩ - සාප්පු, ආදී සියල්ල මෙන්ම ගොවිපළ සහ එදා පතල් කරුවන් ජීවත් වූ වීදියේ කුඩා පැල්පත් පවා තනා තිබේ. එපමණක් නොවේ. එදා රන් හෑරූ විදියට අද මෙතැනට පැමිණෙන සංචාරකයින් හටද රත්තරන් ගැරීමේ ස්ථානයක්ද ඇත. ඊට අමතරව රන් ආකරයක් වෙතද සංචාරකයින් රැගෙන ගොස් ඒ ගැන විස්තර කිරීම සිදු කරනු ලබයි. මෙතැන සේවය කරන සේවක සේවිකාවන් ද හැඩ වී සිටින්නේ එදා තිබූ ඇඳුම් ආයිත්තම්වලිනි. ඔස්ටේ‍්‍රලියාවට යන බොහෝ සංචාරකයින් සමරු ඡායාරූපය සඳහා පෙනි සිටින්නේද මෙම සවරින්හිල්හි ඇති ඡුායාරූපාගාරයේදීය. සමහර සංචාරකයින් අශ්ව කරත්තයේ නැගී මේ සවරින්හිල් වටා රවුමක් යෑමට මනාපය. ඒ කරත්ත බැඳි අශ්වයින් දැක ගත හැකි වන්නේ මෙතැනදීම පමණෙකි.


1800 ගණන්වල ඒ අපූරු අත්දැකීම ලබා ගත් පසු සංචාරකයින් ඊළඟට යන්නේ මෙහි ඇති කෞතුකාගාරය වෙතය. එදා මෙම රන්වන් භූමියේදී හමුවූ විශාලතම රන් කැටිය මෙන්ම එදා තිබූ විලාසිතා ආදී සියල්ල මෙහිදී දැකගත හැකිය.

SAN_6197

SAN_6199

SAN_6196

SAN_6225

SAN_6170

SAN_6194


ස්තුතිය ශ්‍රීනාත් මද්දුමගේට

sadun-gamage