රදැල්ල මාර්ගයේ අදත් අනතුරක්


( රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ සිට තලවකැලේ ප්‍රදේශය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් රදැල්ල කෙටි මාර්ගයේ මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ මගින් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

ඊයේ (14)  නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කාර්බර්ග් වතුයායේ (බස් රථ අනතුර සිදු වු ස්ථානයේදි) ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ජලය ගලා බසින කාණු පද්ධතියේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.

අනතුරට පත් ත්‍රිරෝද රථයේ තුවාලකරුවන් ඉවතට ගෙන රෝහල් ගත කිරිමට එම වතුයායේ වතු කම්කරුවන් සහ නානුඔය පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබුණි.

අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර , අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පරික්ෂණ පවත්වයි.