(රවී ලියනගේ )
යම්කිසි පිරිසක් විසින් ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ වාහන ගාල් කරන ස්ථානයේ අලවනු ලැබ ඇති පෝස්ටරයක් නිසා වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩලය හා රෝගීන් නොසන්සුන්තාවට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙම පෝස්ටරයෙන් දැක්වෙන්නේ ගාල්ල කරාපිටිය රෝහලේ රථ ගාල් කරන ස්ථානයක් අගෝස්තු 27 වැනිදා සිට විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් සීමා කරන බවයි. ඒ සඳහා එම විශේෂඥ වෛද්‍යවරුන් වෙනම පාස් පතක් ලබා ගත යුතු බවත් එහි දැක්වේ.
ඒ.එෆ්.එන්.එස් යන නාමයෙන් මෙම දැන්වීම මඟින් දන්වා ඇත්තේ අගෝස්තු මස 27 දින සිට උදෑසන 8.00 සිට 4.00 දක්වා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුගේ වාහන මෙම ස්ථානයේ ගාල් නොකරන ලෙසයි.
කෙසේ නමුත් ගාල්ල කරාපිටිය රෝහලේ කිසිදු කාර්ය මණ්ඩලයක් මෙම මෙවැනි සංවිධානයක් හෝ සමිතියක් පිළිබදව නොදන්නා බව එම කාර්ය මණ්ඩලය පවසති. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ රෝහල තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, හෙද සංගම්, ඇතුළු වෙනත් සේවක සංගම් ක්‍රියාත්මක වුව ද මෙම ඒඑෆ්එන්එස් නැමැති අන්වර්ථ නාමයෙන් කිසිදු සංගමයක් ක්‍රියාත්මක නොවන බවයි.
මේ අතර ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ ජයම්පති සේනානායක මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතවරයාගෙන් ලිපියක් යොමු කරමින් හෙට (27) දිනයේ උදෑසන කාලයේ දී රෝහලට පොලිස් ආරක්ෂාව ලබා දෙන මෙන් ඉල්ලීමක් ද කර ඇත.
මෙහි දී ඔහු ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ රෝහලේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටළුවක් පැනනැගී ඇති නිසා 27 දින උදෑසන ඔවුන් අතර ගැටුමක් නිර්මාණය වීමේ සැකයක් පවතින නිසා එවැනි තත්වයක් ඇති වුවහොත් සමස්ථ රෝහල් සේවා කටයුතු මුළු මනින්ම බිද වැටීමට හැකියාව ඇති නිසාත් මාඉටිපේ පටුමගේ පිළිකා රෝහල පසුකරන විට දකුණු පසින් ඇති රෝහලට ඇතුළු වන ගේට්ටුව පවතින ස්ථානයට ආරක්ෂාව ලබා දෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් විමසීම සදහා ගාල්ල කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ ජයම්පති සේනානායක මහතා සම්බන්ධකර ගැනීමට උත්සාහ කර ද එය ව්‍යර්ථ විය.
මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහාතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.
‘‘ඒඑෆ්එන්එස් කියන්නේ නොදන්න නමත් තමයි. හරියටම මැර කණ්ඩායමක් වගේ. මොකද මේ සිද්ධියට අනුව අපි රෝහල් අධ්‍යක්ෂවරයා හරහා මේ අවස්ථාවට පොලිස් ආරක්ෂාව ඉල්ලුවාම මේ කියන අය අපේ ගෙදරට මිනී ඔළු එවනවා කිව්වා. පාතාලය ලවා පහර දෙනවා කිව්වා. ඉතින් මැර කණ්ඩායමක් වෙන්න ඕනෑ. මේක මේ ප්‍රායෝගික නැති කීප දෙනෙකුගේ අවශ්‍යතාවයට පරිපානය සම්බන්ධ කරගන්නේ නැතිව ගහපු දැන්වීමක්. ඒ නිසා මේ සදහා පියවර ගන්නා ලෙස අපි අධ්‍යක්ෂවරයාගෙන් හා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.‘‘ යැයිද වෛද්‍ය මංජුල ද සොයිසා මහාතා පැවසීය.