වැලිවේරිය, රතුපස්වල ජල ගැටළුවෙන් පීඩා විදින ගම්මාන කිහිපයක නිවාසවලට සහන මුදලට නළ ජලය සම්බන්ධතා ලබා දීමට රතුපස්වල පරිසර කමිටුව හා ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවැති රැස්වීමක දී එකඟ විය.
ඒ අනුව සමෘද්ධි ලාභී පලුවලකට රුපියල් දෙදහසකට ද, සාමාන්‍ය පවුලකට රුපියල් තුන් දහසකට ජල සම්බන්ධතාවය ලබා දීමට තීරණය වූ බව ජල සම්පාදන අමාත්‍යංශයේ වැඩ බලන ලේකම් සරත් චන්ද්‍රසිරි මහතා එසැණට පැවසීය.
ඉකුත් වසරේ ජූලි 27 වැනි දා සිට රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව වෙනත් ස්ථානයකට ගෙන යන ලෙසත්, පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් විරෝධතා පැවැති අතර අගෝස්තු පළමුවැනි දා පැවැති උද්ඝෝෂණයේ ගැමියන් හා යුද හමුදාව අතර ගැටුමෙන් තිදෙනෙක් මිය ගියහ.
රතුපස්වල කර්මාන්ත ශාලාව එම ස්ථානයෙන් ගෙන යන ලෙස සාකච්ඡා ගණනාවක් පැවැති අතර ඒ අනුව කම්හල ගලවා ඉවත් කිරීම අරඹා ඇත.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ප්‍රදේශයේ ජල නල එලීම ආරම්භ කළ අතර ඒ මගින් අල අයදුම්පත් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් බෙදා දුන්නත් නියමිත මුදල ගෙවා ජලය ලබා ගැනීමට එකග වී සිටියේ පවුල් කිහිපයක් පමණි.
කළින් තීරණය කර තිබුණේ රුපියල් 17,800කට රතුපස්වල සාමාන්‍ය පවුලකට ජල සම්බන්ධතාවය ලබා දෙන බවයි.
නොමිලයේ හෝ ඉතා අඩු මාදලකට ජල සම්බන්ධතාවය ලබා ගැනීම සදහා සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානය හෙවත් රතුපස්වල පරිසර කමිටුව විවිධ පරිස් සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීය.
ගැටළුවට තුඩු දී ඇති ගම්මානවල පවුල්වෙත නොමිලයේ හෝ අඩු මුදුලකට ජලය ලබා දෙන ලෙස වැලිවේරිය ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ද පසුගිය ඉරිදා (12) මහින්ද රාජපක්ෂ ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් කළහ.