රතුපස්වල වාර්තාව ලබන සතියේ ජනපතිට


රතුපස්වල කම්හලේ හා ඒ අවට විද්‍යාත්මක පරීක්ෂණ ඇතුළත් වාර්තා ලබන සතියේ මහින්ද රාජපක්ෂ ජනපතිට ඉදිරිපත් කරන බව ගම්පහ මහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතා කියයි.

භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ වාර්තාව හැර සෙසු සියලු වාර්තා ලැබී ඇති බව දිසාපති පවසයි.

රතුපස්වල කර්මාන්ත ශාලාව නිසා ජලය අපිරිසිදු වී ඇතැයි එම වාර්තාවන්හි සඳහන් නොවන බවත්, කෘෂි කර්මාන්තයේ දී භාවිත කරන පොහොර, මිනිස් ජනාවාස වැඩි වීම, සතුන්ගේ මළ සහ දේශ ගුණික විපර්යාස වැනි හේතු නිසා ජලයේ පී.එච් අගය අඩුවී ඇතිබව සඳහන් බවත් දිසාපති කියයි.