ගම්පහ දිසාපතිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව මගින් පරීක්ෂණ වාර්තා කැඳවා අවසන් නිගමන දෙන තෙක් රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව විවෘත නොකරන බවට එහි පරිපාලනය එකඟ වූ පරිදි ඒ බවට නඩු වාර්තාවේ අත්සන් තබන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂට නියෝග කළේය.
මහේස්ත්‍රාත් එම නියෝගය කළේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඇතුළු ආයතන පහකින් වාර්තා කැඳවන්නැයි ඉල්ලීමක් කරමින් පොලිසිය ගොනු කළ නඩුව කැඳවූ අවස්ථාවේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක්වූ නීතීඥ පාලිත සේනාරත්න මහතා පැවසුවේ මෙය සාමාන්‍ය නඩුවක් නොවන බවයි. මෙය ඉතා සංවේදී නඩුවක් බවත්, අධිකාරණයේ කැරෙන කතා ගම්වාසීන් අසාගෙන සිටින බවත්, කර්මාන්ත ශාලාව විවෘත කරන්නේදැයි ගම්වැසියන් නිරන්තර අවධානයෙන් ඉන්නා බවත් සේනාරත්න මහතා පැවසීය.
‘මෙම කර්මාන්තශාලාවේ අය දිගින් දිගටම පරිසර බලපත්‍රය උල්ලංඝනය කරමින් අවුරුදු 16 ක් තිස්සේ කර්මාන්ත ශාලාව පවත්වාගෙන එනවා. කර්මාන්ත ශාලාවේ ඝන අප ද්‍රව්‍ය ගම පුරාම මුදා හැර තියෙන අයුරු. මේ සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් සිදු කර නැහැ. ඒ පිළිබඳව වාර්ථාවක් හෝ තවම මේ අධිකරණයට ඉදිරිපත් කර නැහැ.
අපද්‍රව්‍ය ඉවතට දැමීමේ කිසි ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ කර්මාන්ත ශාලාව අවුරුදු 16 ක් තිසේසේ පවත්වාගෙන ගියේ යන්න ගැන සොයා බලන්න. ‘
මහේස්ත්‍රාත්වරයා - ‘මෙතන නීතිමය ප්‍රතිපාදන රාමුවක් තියෙනවා. ඒ අනුව තමයි ඡායාරූප හෝ ඉදිරිපත් කළ යුත්තේ. මේ නීතිඥවරුන්ගේ වගකීමක් තියෙනවා. නීතිඥවරුන් වගකිමෙන් වැඩ කළා නම් මෙතරම් දේවල් වෙන්නේ නැහැ.
මේවා විමර්ශනය සඳහා පොලිසියට ගිහින් දෙන්න පුළුවන්. ‘
නිතිඥ පාලිත සේනාරත්න මහතා -
‘පොලිසියට මේ තැන් තැන් වල දාලා තියෙන අප ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කළ හැකියි. ස්වාමීනී 98 වගන්තිය යටතේ නඩු පැවරීමට කරුණු ගොනු කර හමාරයි. නමුත් ස්වාමීනී අපි මේ සම්බන්ධයෙන් නඩුවක් නොපරවන්නේ අපට සදාචාරාත්මක හැකියාවක් නැහැ එහෙම කරන්නග මොකද ආරක්ෂක ලේකම් හා ජනාධිපති ඉදිරිපිට එකගතාවයකට පැමිණුනා කර්මාන්ත ශාලාව වහන බවට.‘
වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා -
‘ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ තීරණය ලැබෙනතුරු නිෂ්පාදන කටයුතු අපි ආරම්භ කරන්නේ නැහැ. නමුත් කර්මාන්තශාලාවේ නඩත්තුව කටයුතු සඳහා සහ පරිපාලන කටයුතු සඳහා ඇතුලට යාමට සහ පිටට ඒමට තමයි ඉල්ලීම කර තියෙන්නේ.
මේ සම්බන්ධයෙන් පොලිසියත් දැනුම්වත් වෙලා තියෙනවා. පොලිසිය අපිට සහයෝගය ලබා දෙනවා. දැන් සුමාන දෙකක් තිස්සේ ඒ විදියට කරගෙන යනවා. අද දින මම ප්‍රකාශ කරන්න කැමතියි අපි මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ නැහැ.
දිසාපති තීරණය ඉක්මනින් ලබා දෙන්න.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා-
‘ජනාධිපතිතුමා කිවේවේ වාර්තා ටික එකතු කරලා දිසාපතිතුමාට දෙන්න කියලා. ඒ නිසා දිසාපතිතුමාට තීරණයක් ගන්න බැහැ. දිසාපතිතුමා දැන් සතියකට කලින් මේ ආයතන වල බලධාරීන් ගෙනල්ලා රැස්වීමක් කැදෙව්වා. සාක්ච්ඡා කලා ඒ සාකච්ඡාෙවිදි නානා ප්‍රකාර අදහස් ඉදිරිපත් වුණා. දිසාපතිතුමා මේ සියලුම වාර්තාවන් අරගෙන ජනපති ලේකම් කාර්යාලයයට ඉදිරිපත් කරනවා. ‘
සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ කමිටුව ලබා දෙන වාර්තා විමර්ශනය කර නීතිපති උපදෙස් ලබාගෙන කටයුතු කරන ලෙස පොලිසියට නියෝග කළේය.
වැඩිදුර විභාගය නොවැම්බර 28 වැනි දිනට කල් තැබිණි.