රතුගල වැදි නායකට වසරක තහනමක්
බිබිල රතුගල ආදිවාසී නායක සුදා වන්නියාගේ තනතුර දඹානේ දී රැස් වූ වරිග සභාවෙන් වසරකට තහනම් කළ බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන් කියයි. ඔහු පොලිසියට බොරු පැමිණිලි කැර, ආදිවාසී ජනතාව කෙනහිල්ලට ලක්කරන බවත්, ගමට එන රජයේ නිලධරයන් බිය ගැන්වීමට ජනපති නම පාවිච්චි කරන බවත් ආදිවාසි නායක පවසයි. ‘කාටවත් මා ඉවත් කරන් බැහැ. නායකකමින් යන්නේ නැහැ‘ රතුගල සුදා වන්නියා කියයි.

