රතු ග්‍රහයාගේ පින්තූර පොළොවට ලැබේ.


අඟහරුවෙත යවන ලද කියුරියෝසිටි හෙවත් ‘කුහුල‘ නමැති විද්‍යාගාර රොබෝ රෝවරය අඟහරු මත සිට ගත් ප්‍රථම වර්ණ ඡායාරූපය ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පසදීනා නුවර ජාතික ගගන හා අභ්‍යාවකාශ ඒජන්සියට සාර්ථකව එවන ලද බව නාසා ආයතනය කියයි. රෝවරය අංශක තිහක් ඇලව තිබියදී වර්ණ ඡායාරූපය ගන්නට ඇතැයි ද එහි දූවිලි නිසා පින්තූරය නොපැහැදිලියැයි ද නාසා මධ්‍යස්ථානය කියයි. කියුරියෝසිටි යානය කළු සුදු ඡායාරූප ද පෘථිවියට එවයි.