රත්වත්තේ සිද්ධීන්වලට බන්ධනාගාරයෙනුත් පරීක්‍ෂණ


(යොහාන් භාසුර)

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇතුඵ පිරිසක් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට ගොස් කළහාකාරි ලෙස හැසිරුණේ යැයි කියන සිද්ධීන් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (සැපයුම්) සුනිල් කොඩිතුවක්කු මහතා පත්කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මෙම පත්කිරීම කළ බව කී චන්දන ඒකනායක මහතා බන්ධනාගාර දෙකේ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට සුනිල් කොඩිතුවක්කු මහතා පමණක් පත්කර ඇති බවත් සඳහන් කළේය.