රත්මලානේ රැල්ල පැල්පත් පහක් කඩයි


රත්මලාන වෙඩි කන්දේ මුහුද අයිනේ පැල්පත් පහක් රළ පහරට කැඩී අඩු ගණනේ 25ක් 30ක් පමණ අවතැන් වූහ.

ගෙවල් අහිමි වූ බව කියන පිරිසක් රේල් පාර හරහා පොල් කොට කිහිපයක් දැමූ බවත්, රුහුණු කුමාරි දුම්රිය ඒවා ඉවත් කරගෙන ධාවනය කළ බවත් අසල්වැසියෝ කියති.

ඉන් පසු කාන්තාවන් ඇතුළු කිහිප දෙනෙක් දුම්රිය පාරේ වැතිර සිටීම නිසා දුම්රිය ගමනාගමනය අවහිර විය.

පොලිසිය පැමිණ දුම්රිය ගමනාගමනයට ඉඩ සැලැස්වීය.

DSC07337 DSC07344