රත්මලානේ අවන්හලට වෙඩි තැබීමට ආ මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට


 (බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

රත්මලාන සොයිසාපුර අවන්හලට වෙඩි තැබීමේ සිද්ධියේ මෝටර් රථය පැද වූ පුද්ගලයා බුත්තල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද  (14) අලුයම විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය .

ඉකුත් 29 වැනි දින සන්නද්ධ කණ්ඩායමක් ටී පනස් හයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබිණි .
       
අත්අඩංගුවට ගත් සැකකරු ඔහු බිරිඳ ඇතුළු පවුලේ සෙසු සාමාජිකයන් සමග බුත්තලට පලා යාමට යොදා ගත් ත්‍රීරෝද රථය ද පොලිසිය බාරයට ගැනිණි .