රත්මලාන පැත්තේ කුඩු ගෝලයෝ දෙන්නෙක් කොටු වෙති


අගුලානේ කුඩු ආර්නෝල්ඩ් නම් පුද්ගලයකු  මොරටුව ලක්ෂපතියේදී  මිලි ග්‍රෑම් 8050 ක් සමඟ අතුඅඩංගුවට ගත් බව පොලීසිය කියයි.

හෙරොයින් මත් කුඩු හා කොල්ලකෑම් සම්බන්ධයෙන් වසර අටක් සිර බත් කෑ ඔහු මොරටුව රාවතාවත්ත  පිළියන්දල දෙහිවල මොරටුවැල්ල හා රත්මලානේ කුඩු නියෝජිතයකු බවද පොලීසිය සඳහන් කරයි.

මේ අතර රුපියල් දස ලක්ෂයක (කුඩු ග්‍රෑම් 65)  මත් කුඩු සමග ගල්කිස්ස දහම් මාවතේ කුඩු සමන් නැමැත්තෙක් අත්අඩංගුට ගනු ලැබීය.

දැනට ඉන්දියාවට පැන ගොස් සිටි බව කියන නම ගිය කුඩු සැකකරුවකු වන වෙළේ සුදාගේ ගෝලයකු බව කියන මොහු මෙම කුඩු තොගය අලෙවි කළේ නම් රුපියල් දස ලක්ෂක ලාභයක් ලබන්නට සිටි බවද පොලීසිය කියයි.