රත්නාවලී පැතුම් ඉටුවෙයි


 ‘‘ අපොස උසස් පෙළ  වාණිජ අංශයෙන් මුළු දිවයිනෙන්ම පළමු වැනියා, පස් වැනියා සහ නව වැනියා අපේ පාසලෙන් බිහි කරන්න අද අපිට  හැකි වී තිබෙනවා. අද දිනය  2013 වසරේ අපේ තවත් ඉලක්කයක් ඉටු  වු දිනයක්‘‘  යැයි ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය එච්.ඒ.එච් ජයවර්ධන මහත්මිය පැවසුවාය.

පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රථිපල ආ අවස්ථාවේ අපි සැලසුම් කළා 2013 වසරේ   කුමන විෂය දාරාවකින් හෝ  දිවයිනෙන් ඉහළ ස්ථානයක්  අපේ පාසැලෙන් බිහි කරනවා කියා.  අද  එය සාර්ථක වුනා. 

සාමාන්‍යෙයන් අපේ ළමයි 400 ක් පමණ වසරකට විශ්ව විද්‍යාලයට යනවා.

අපේ ඉලක්කයට ලඟා වීමට සඳහා අපි වැඩපිළිවෙළක් සකස් කලා. ඒ අනුව මාර්තු මාසය වෙද්දී විෂය නිර්දේශය අවසන් කළා. එතැන් පටන් පෙරහුරු ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කළා. හවස් වරුවේ පන්ති කළා.

මේ දියිණියන් තිදෙනාම හැමදාම පාසැල් ආවා.  සියලු වාර විභාගවලට පෙනී සිටියා. හරියට වැඩ කළ නිසා මේ අය සැහැල්ලුවෙන් තමයි විභාගයට මුහුණ දුන්නේ.

අපේ දියණිවරු ලබා ගත් ජයග්‍රහණ ගැන හරිම සතුටුයි.