ඔවුන් හමුවූයේ තුන්මංසලකදීය. යා යුත්තේ කෙසේදැයි තීරණයක් නොවූ බැවින් ඔහුත් ඇයත් එදා ඇයි හොඳයි කීවා මිස ඊට වඩා යමක් කතා කරන්නට ගියේ නැත. යළිත් කවදාක හෝ හමුවනු ඇතැයි දෙදෙනාටම සිතන නමුත් ඒ කවදාදැයි කොහේ දී දැයි කවුරුවත් දැන සිටියේ නැත.
එහෙත් ඔවුහු යළිත් හමුවූහ. ඒ සුබ සැන්දෑවකදීය. ඔහු ඇයටත් ඇය ඔහුටත් සුබ සැන්දෑවක් ප‍්‍රාර්ථනා කළහ. එහෙත් දෙදෙනාටම අවශ්‍ය වූයේ සුබ උදෑසනකි..!
අලූත් දවසකි....!!
ඒ දවස වෙනුවෙන් දෙදෙනාම ප‍්‍රාර්ථනා පොදි බැඳ ගෙන සුබ සැන්දෑවක කාලය ගෙවූහ.
ඔහු සම්පත් තෙන්නකෝන්ය.
ඇය රත්නා ලාලනී ජයකොඩිය.
සෝමපාල පතිරගේගේ තුංමංසල නාට්‍යයෙන් 1982 දී වේදිකාගත වූ රත්නා ලාලනී ඊට තෙවසරකට පසුව ඩග්ලස් සිිරිවර්ධනගේ සුබ සැන්දෑවක් නාට්‍යයෙන් යළිත් වේදිකාවට නැග්ගාය. 1982 දී ආරම්භ වුණු සුබ සැන්දෑවක් නාට්‍යයේ ලීසාගේ චරිතයට එතෙක් පණ පෙව්වේ දේවිකා මිහිරානිය... ඇගේ කාර්ය බහුලකම නිසා 1985දී සුබ සැන්දෑවෙන් ඉවත් වෙද්දී ඒ අඩුව පුරවන්නට ආවේ රත්නා ලාලනීය.
එදා වඩාත්ම සතුටට පත් වූයේ සම්පත් තෙන්නකෝන්ය. තුන් මංසලේ දී මුණගැහුණු, එතෙක් යන්නේ එක් මගකදැයි තීරණයක් නොගෙන සිටි ඔවුහු එවක් පටන් සුබ සැන්දෑවේ දී නිතර නිතර හමුවූහ. ඒ හමුවීම පේ‍්‍රම සම්බන්ධයක් තෙක් දුර දිග ගිය අතර 1990 දී ඔවුහු විවාහ වූහ. වේදිකාගත වී වසර තිහකි. එහෙත් ඔවුනට යුග දිවිය නිසා වේදිකාවෙන් බහින්නට සිදු වූයේ නැත.
හේතුව දෙදෙනාගේම ප‍්‍රථම පේ‍්‍රමය වේදිකාවම වීමය. මේ නිසා දෙදෙනාම අන් සියල්ල අමතක කර වේදිකාවේම රැඳී සිටිති.
එහෙත් වේදිකාගත වීම යනු ලෙහෙසි පහසු දෙයක් නොවේ...
වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍යය වගේ ක්ෂණිකව ජනප‍්‍රිය වෙන්න පුළුවන් මාධ්‍යයක් නෙමෙයි. අද ටෙලියක රඟපෑව නම් හෙට වෙනකොට එයා නිළියක් විදිහට ජනප‍්‍රිය වෙලා, පත්තරවල ලිපි පලවෙලා, රූපවාහිනියෙන් මූණු දැකලා.... ඒත් වේදිකා නාට්‍ය නළු නිළියන්ට කවදාවත් ඒ ජනප‍්‍රියත්වය ලැබෙන්නේ නෑ.
අනිත් එක අපි වේදිකා නාට්‍යය කරන්නෙ බොහොම අපහසුකම් දුෂ්කරතා මැද... ගමන් පහසුකම් නෑ . සමහර වෙලාවට කන්න දෙන කෑම බල්ලෙකුට කන්න බැහැ. සමහර නාට්‍ය වලින් පාඩුයි කියලා ඉල්ලපු සල්ලි හම්බවෙන්නෙ නෑ. ඔය වගේ අඩු පාඩු කම් මැද්දෙ තමයි අපි මේ වේදිකා නාට්‍යවල රඟපාන්නෙ... හැබැයි මොනව වුණත් මමත් සම්පතුත් කැමති වේදිකා නාට්‍යවල රඟපාන්න. මේක හරිම සජීවි රඟපෑමක්.. ඒ වෙලාවෙම ප‍්‍රතිචාර ලැබෙන නිසා මේ රඟපෑමෙන් අපිට ලැබෙන්නෙ සතුටක්...”
රත්නා ලාලනී වේදිකාවේ හොඳ නරක ගැන කියාගෙන කියාගෙන යයි.
සම්පත් ද වරින් වර ඒ කතා බහටම එකතු වෙයි.
”මේ වෙද්දි අපි දෙන්නම නාට්‍ය පනහකට වැඩි ගණනක රඟපාලා තියෙනවා...”
තිස් වසරක කලා ජීවිතයේ දී නාට්‍ය පනහක රඟපෑම යනු කතා කළ යුතු දෙයකි. එහෙත් කවුරුවත් ඒ ගැන කතා නොකරන බැවින් සම්පත් සහ රත්නා එක්ව නාට්‍ය උළෙලක් සංවිධානය කළහ.
”ගෙවුණු තිස් වසරෙ දි අපි දෙන්නම රඟපෑව හොඳම නාට්‍ය හතක් තමා මේ උළෙලට තෝරගත්තෙ.. මෙයින් සමහරක හොඳම නිලියට හිමි සම්මානය මට ලැබුණෙ.... ඒ වගේ විවිධ විදිහට කැපී පෙනුණ නාට්‍ය හතක් තමා මේ උළෙල නියෝජනය කරන්නෙ”
රත්නා කියයි.
අභිනයන ලෙස නම් කර ඇති මේ නාට්‍ය උළෙල මෙම 17 දා ආරම්භ වන අතර 23 වැනිදා රාත‍්‍රියේ අවසන් වෙයි.
කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වෙන මෙම නාට්‍ය උළෙල හැමදාකම හවස 6.45ට ආරම්භ වෙයි.
සුබ සැන්දෑවක්, මායාදේවි, පුත‍්‍ර සමාගම, ගුරු තරුව, ජගන් මා, රෝමය ගිනිගනී 2, තල මල පිපිලා යන නාට්‍ය හත පෙර කී දිනවලදී පිළිවෙලින් වේදිකා ගත වේ.
1982 දී මුල්වරට වේදිකා ගත වූ නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගේ සුබ සැන්දෑවක් නාට්‍යයට සම්පත් රත්නා සමඟ වසන්ත විට්ටච්චි, ගාමිණී හෙට්ටිආරච්චි, අජිත් ලොකුගේ, ලලිත් රාජපක්‍ෂ සහ පින්සර සමරසේකර රංගනයෙන් දායක වූහ. 1985 දී වේදිකාගත වූ මායාදේවි, කේ.බී. හේරත්ගේ නාට්‍ය නිර්මාණයකි.... හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම පිටපත, හොඳම නිළිය සහ හොඳම සහාය නිළිය යන සම්මාන සියල්ලම දිනාගත්තේ මායාදේවිය... ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙනිය, චාන්දනී සෙනෙවිරත්න, ජනක කුඹුකගේ, නිලන්ති හීන්දෙණිය ආදීහුද මෙහි රඟපායි....
එම වසරේම වේදිකාගත වූ ජයලත් මනෝරත්නගේ පුත‍්‍ර සමාගම 1985 වසරේ හොඳම පරිවර්තන නාට්‍යය, හොඳම නළුවා සහ හොඳම සංගීතයට හිම සම්මාන දිනා ගත්තේය. මෙහි පරිවර්තක ප‍්‍රසන්න විතානගේ වූ අතර සංගීතය ලක්‍ෂමන් විජේසේකරගෙනි. 1996 වසරේ හොඳම නාට්‍යය, හොඳම තිරපිටපත හා හොඳම සංගීතයට හිමි සම්මාන දිනාගත් ආචාර්ය ජයලත් මනෝරත්නගේ ගුරුතරුව නාට්‍යයට සංගීතය නිර්මාණය කළේ රංජිත් බාලසූරියයි.
කේ.බී. හේරත්ගේ ජගන් මා නාට්‍යයට 2008 වසරේ හොඳම නාට්‍යය, හොඳම පිටපත, හොඳම නිලිය, හොඳම සංගීතය යන සම්මාන හිමිවිය.. සංගීතය ශාන්ත පීරිස්ගෙන් සැපයුණු මෙහි මාදනී මල්වත්ත, ලංකා බණ්ඩාරනායක සහ සුනෙත් ශාන්ත ද රඟති.
2001 දී වේදිකා ගත වූ රෝමය ගිනිගනී 2 අන්තර්ජාලේ බන්දුල විතානගේ නිර්මාණයකි. 1988 දී මුල්වරට වේදිකා ගතවී හොඳම අධ්‍යක්‍ෂණය, හොඳම සංගීතය, හොඳම නළුවා සහ සහාය නළුවා සම්මාන දිනාගත්තේ ජයලත් මනෝරත්නගේ තලමල පිපිලා නාට්‍යයි.
මෙම නාට්‍ය සියල්ලම වේදිකාවට ගෙන එන සම්පත් රත්නාගේ අභිනයන රංගභූමිකා ඔවුන් අරුත් ගන්වන්නේ දශක තුනක් නාට්‍ය පනහක් මතකයේ රැුඳෙනා භූමිකා හතක් යනුවෙනි.
![]() |
සම්පත් රත්නා වේදිකාවේ..... |
”අපි මේ නාට්‍ය උළෙල කරන්නෙ බොහොම අමාරුවෙන්... එක නාට්‍යයකට ලක්‍ෂ එක හමාරක්වත් වියදම් කරන්න ඕනෙ. ඒත් අපි දෙන්නම නාට්‍ය ෙක්‍ෂත‍්‍රයේ ඉඳලත් අපි මේ වගේ වැඩක් නොකළොත් කවුද මේ වගේ වැඩක් කරන්නෙ කියලා අපි හිතුවා”
සම්පත් රත්නා අභිනයනේ ආගිය කතාව හෙළිදරව් කළහ.