රත්නසිරි අනතුරු අඟවයි
ත‍්‍රස්තවාදය යළි හොල්මන් කරන හෙයින් පොලිසිය හා ත‍්‍රිවිධ හමුදාව නවීන අවි ආයුධවලින් සන්නද්ධ කළ යුතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා හොරණදී පැවැසීය.
නිදහසට බාධා කරන පිරිස ලංකාවේත් එතෙරත් වේගයෙන් ක‍්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතුයි ළඟදී එක්තරා දේශපාලන පක්ෂයක් එවැනි යෝජනාවක් සම්මත කළා. දෙමළ කතා කරන අයට වෙනම රාජ්‍යයක් ඉල්ලනවා. මේක සෙල්ලමක් නොවේ. යුද්ධය අවශ්‍ය යැයි සිතා එදා ඒ සඳහා වැය කළ මුදල් ඒ විදියෙන්ම වෙන්කළ යුතුයි.

