රත්නපුරේදී සෙබළෙක් මරුට:28ක් රෝහලට


රත්නපුර නව නගරයේ බස් රියක් හා හමුදා ට්‍රක් රියක් හැපීමෙන් හමුදාවේ සෙබළකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

දෙදෙනකු මිය ගිය බව කලින් ලැබුණු වාර්තා සංශෝධනය කරමින් ඔහු පැවසුයේ මිය ගියේ එක් අයකු පමණක් බවයි.

හමුදා ට්‍රක් රථයේ හා බස් රියේ ගමන් කළ 28 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද ඔහු පවසයි.

හමුදා ට්‍රක් රිය දියතලාවේ සිට කුරුවිට හමුදා කඳවුරට පැමිණෙමින් සිටියේය.

P1060299 P1060297 P1060292 P1060287

ඡායාරූප - අප්සරා යෝසිත් විජේසූරිය2(1503) 3(966) 1(1746)

ඡායාරූප- බිමල් ශ්‍යාමන් ජයසිංහ

01-001 04-002

ඡායාරූප - අජිත් ලාල් ශාන්තඋදය