රත්නපුර රැලිය ඇරඹෙයි


මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස පත්කරන ලෙස බලකරමින් සන්ධානයේ හවුල්කාර පක්ෂ පවත්වන තුන්වැනි රැලිය වෙනුවෙන් රත්නපුර සීවලී පිටියට අද පක්ෂ නියෝජිතයන් හා මහජනතාව එක් රැස්වූ අතර මීට ස්වල්ප මොහොතකට පෙර රැලිය ඇරඹිණි.

ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් රැස්වීමට එක්වී සිටියහ.

රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 29  සහභාගී  වී ඇතැයිද  දේශපාලන ආරංචි  කියයි.

පස්වරුවේ මෙම රැලිය සජීවීව විකාශනය කිරීමට ලංකා සී නිව්ස් වෙබ් අඩවිය කටයුතු යොදා තිබුණද එය කිසිම හේතුවක් නොදක්වා අවහිර විය. සජීවී විකාශනයට අන්තර්ජාලය හරහා බාධා එල්ලවන බව සංවිධායකයෝ ප්‍රකාශ කරති.

 

_H1_9585 _H1_9665 _H1_9766 _H1_9840 DSC_4847 DSC_4907 DSC_4950 DSC_4969 DSC_4972 DSC_4975 DSC_4978 DSC_4988 DSC_5026 DSC_5061

(ඡායාරූප -ශාන්ත රත්නායක)

DSC01417 DSC01420

(ඡායාරූප - ලසන්ත නිරෝෂණ)