රත්නපුර පොත්ගුල් කන්දෙන් 45ක් ඉවත් කෙරෙති


තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ

රත්නපුර පොත්ගුල් කන්දේ නායයෑමේ අවධානමක් නිසා නිකගහ කොළඹ යායේ පවුල්  20ක පමණ පොද්ගලයෝ 45 දෙනෙක් ඉවත් කරනු ලැබූහ.

අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේ තවමත් නාය යෑමක් සිදුවී නැති නමුත් කන්දෙන් ජලපහරක් මතුවී ඇති නිසා ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති බවයි.

රත්නපුර ප්‍රදේශයට අද දවස් වරුවේද සාමාන්‍ය වැසි තත්ත්වයක් පැවැතිණි.

මේ අතර තවත් කන්දක පැලුම් සලකුණු ඇතැයි ප්‍රදේශවාසීහු කියති.