රත්තරංට ඇප


(ඩී.ජී.සුගතපාල)

අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රි වීරසිංහ ආරච්චිගේ ක්‍රිශාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරං සහ ඔහුගේ රියදුරුවන විතානගේ කැලුම් සමිර හෙවත් සුදා යන සැකකරුවන් අප මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (05) නියෝග කළාය.

එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත ඔවුන් මෙසේ මුදා හැරිණි.   
 
සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගැනිමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. තිස් හය හැවිරිදි චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට  එරෙහිව පැමිණිල්ල ගොනුකර ඇත.
 
දූෂණයට ලක්වු බව කියන චීන ජාතික කාන්තාව 2018 වසරේ ලංකාවට පැමිණ ඇති අතර ඇය පළමුවන සැකකාර මන්ත්‍රිවරයා හඳුනාගෙන ඔහුගේ නිවසේ ටික කලක් නතරව සිට පසුව ගාල්ල කළුවැල්ලේ නිවසක නතරව ඇත. ඒ අතරතුරදී මෙම චීන ජාතික කාන්තාව මෙම අතවරයට ලක්ව ඇත.
 
මේ අතර ඇය 2019 මැයි 3වැනි  දින ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණ තමන් එම දෙදෙනා සමග අඹු සැමියන් ලෙස හැසිරුණේ කැමැත්තකින් නොවන බවට පැමිණිල්ලක් කර තිබේ.පසුව පොලිසිය  2019 මැයි 6 වැනි දින අධිකරණයට කරුණු වාර්තාකොට විමර්ශණ අවසන්කර එහි උද්ධෘත නිතිපති වරයා වෙත යවා ඇත.
 
ඒ අනුව නිතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනො මෙසේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි.සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා සමග නිතිඥ ශ්‍රිමාල් විජේසේකර මහතා පෙනි සිටියේය. වැඩිදුර විභාගය 18 වැනි දිනට කල් තැබීය.