(ඩී.ජී.සුගතපාල)
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා තව දුරටත් ලබන 30 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(20) නියෝග කළේය.
සේ තව දුරටත් රිමාන්ඩ් කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ ,වලස්මුල්ල අඩවි වන නිලධාරි කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකු ඇතුලු සැකකරුවන් දා හත් දෙනා වෙති.
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරඇත.
පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමට සිටින අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර යම් යම් අවස්ථාවල ගමට පැමිණෙන බවට තොරතුරු ලැබි ඇති බවය.
මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක ගුණරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් පොලිස් දෙපාර්තමේන්තුව විසින් කරගෙන යනු ලබන විනයානුකුකල විමර්ශණ සඳහා 5, 6,13,14යන සැකකරුවන්ගෙන් බන්ධනාගාරවලට ගොස් ප්‍රකාශ ලබා ගැනිමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව බූස්ස සහ මාතර බන්ධනාගාරවලට ගොස් එම සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනිමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

