රණසිංහ ප්‍රේමදාස ගුණ සැමරේ


( නිමල කොඩිතුවක්කු )

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 97වන ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වුණු ගුණ සැමරුම් උත්සවය කොළඹ අළුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අබියස දී අද (23) පෙරවරුවේ පැවැත්විණි.

සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව ඉතා චාම්ව පැවති මෙම උත්සවය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති ආර්‍යා හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එම අවස්ථාව සඳහා මහා සංඝරත්නය වැඩම කොට සිටි අතර ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණ.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ඉන් අනතුරුව සිදු කළ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් පුෂ්පෝපහාර දැක්වූහ.

එහිදී මහා සංඝරත්නය විසින් රණසිංහ ප්‍රේමදාස මහතාගේ 97 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ අනුශාසනාවක් ද සිදු කළහ.

මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, මුජුබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, ජේ සී අලවතුවල, මයන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

( ඡායාරූප: ගයාන් අමරසේකර )