රණවිරුවනට පින් දෙයි


ලන්ඩන් නුවර පදිංචි කරුණා බස්නායක තම හිත මිත්‍රාදින්ගේද සහයෝගය ඇතිව පසුගිය වසර 13ක් තිස්සේ පවත්වාගෙන ආ සුවිශේෂි පින්කමක් පැවැත්වීමට යයි.

මහනුවර ශ්‍රී දළඳා මාලිගාව, අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළුව ශ්‍රී ලංකාව පුරා සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් විපතටපත් ජනතාවට මෙන්ම ත්‍රස්තාවාදයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා දිවි පිදු සියලුම රණවිරුවනටද පින් පැමිණවීම මෙම පුණ්‍ය කර්මයෙහි අරමුණ බව  බස්නායක කියයි.

ලබන 19 වැනි ඉරුදින උදේ 10.30 ට ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී බුද්ධ පුජාවක් පවත්වා මහා සංඝ රත්නය උදෙසා දානය පිරි නමා  පිං අනුමෝදන් කිරීම අරමුණයි.

ජනක අලහප්පෙරුම, අජිත් සිල්වා, කුමාර් දිසානායක, සහ දොස්තර එම්.බි.රණතුංග ඇතුළු විශාල පිරිසක් සහාය වනු ඇත.

මහනුවර ශ්‍රී දළඳා මාලිගය වෙත එල්ලවූ බෝම්බ ප්‍රහාරය සිදුකළ දිනය මුලික කර ගනිමින් පසුගිය වසර 13 ක්ම බස්නායක මෙම පිංකම පවත්වා ඇති අතර ඒ සමගාමීව  ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය දරුණු අන්දමට පැවැති වක වානුවේ ත්‍රස්තවාදයේ බිහිසුණුකම බටහිර වැසියනට පෙන්වාදෙන අරමුණෙන් රැස්වීම්,සාකච්ඡා, ඡායාරුප ප්‍රදර්ශන සහ වාර්තා චිත්‍රපට දර්ශන ලන්ඩන් නුවර සංවිධානය කළේය.